E-gossip / කේලම

  • Home
  • E-gossip / කේලම

E-gossip / කේලම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E-gossip / කේලම, Newsstand, .
(1)

17/10/2022
22/09/2022
03/07/2022

නැවත වරක් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියානු වාර්තාව අලුත් කරමින් ස්විස්ටර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟාවලියකදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9.96 කින් නිම කරමින් තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 ධාවන ඉසව්ව නිම කළ දකුණු ආසියාවේ පළමු හා එකම ක්‍රීඩකයා බවට පත්වු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් හට මාගේ උණුසුම් සුබ පැතුම්.

-නීතිඥ අනුර ප්‍රියදර්ශන ‍යාපා

කොරෝනා එන්නත් ගත් අයට උපදෙස් මාලාවක්…කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය...
13/05/2021

කොරෝනා එන්නත් ගත් අයට උපදෙස් මාලාවක්…

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

01. එන්නත ලබා ගැනීමට පෙර තමාට ඇති රෝග සම්බන්ධයෙන් එන්නත ලබාදෙන ස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත්කොට අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය.
02. එන්නත ලබා ගැනීමෙන් පසු දින තුනක්වත් ගතවන තෙක් අනවශ්‍ය ලෙස වෙහෙස නොවිය යුතුය.
03. සාමාන්‍ය උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් පෙති දෙකක් ලබා ගන්න.
04. පැය 48කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
05. එන්නත ලබා ගැනීමෙන් පසු වෙනත් රෝග සංකූලතා ඇති වේ නම් වෛද්‍යවරයකු හමුවන්න.
06. උණ තත්ත්වයක් නොමැති නම් ස්නානය කිරීම ගැටලුවක් නොමැත.
07. නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇත්නම් අවශය බෙහෙත් නිසි වේලාවට ලබා ගන්න.
08. එන්නත ලබා ගැනීමට පෙර සහ පසු ගනු ලබන ආහාර පිළිබඳ විශේෂයක් නොමැති අතර තමාගේ සාමාන්‍ය ආහාර වේල ලබා ගන්න.
09. සෑම විටම මුව ආවරණ පලඳින්න. සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්න.
10. දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත ලබාගත් ස්ථානයෙන් ලබා දුන් කාඩ්පත සුරැකිව තබා ගන්න.

12/05/2021

පසුගිය කොවිඩ් ගැසට් සියල්ල අවලංගුයි – නව සෞඛ්‍ය රෙගුලාසි 48ක් නිකුත් කරයි

සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව රෙගුලාසිවල ඇතුළත් කරුණු

අද සිට 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණ සීමා වෙයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නෑ.
භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අංක අනුව.
පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි
කුලී රථයක දෙදෙනෙක් පමණයි
උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ
රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ
රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)
අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි.
සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ධාරිතාවයකින්
කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි
ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි
ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
බන්ධනාගර වලට අමුත්තන් බෑ
රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.
දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.
මංගල උත්සව තහනම් නමුත් විවාහයක් ලියාපදංචි කිරීමට 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.
අවමංගල උත්සව සඳහා උපරිමය 15යි පැය 24න් අවසන් කළ යුතුයි
උත්සව සාද එක්රැස්වීම් බෑ
පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ
ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසයි
සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසයි
අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්
මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි
කැසිනෝ ඔට්ටු සම්බාහන ස්ථාන වසා තැබෙයි.

කුරුණෑගල තිත්තවැල්ගල හුදකලා කරයි.කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී ව...
21/04/2021

කුරුණෑගල තිත්තවැල්ගල හුදකලා කරයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසම ඊයේ (21) රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව ඊයේ රාත්‍රී නවයේ පමණ සිට තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසමේ හුදකලා තත්වය ක්‍රියාත්මක විය.

තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසමෙන් සැළකිය යුතු ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ හදුනාගැනීම නිසා මෙසේ හුදකලා කිරීමට තීරණය කර තිබේ.

29/01/2021
🅐 හෙට දවසේ දෙන්න යන  එන්නත මොකක් එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටව...
29/01/2021

🅐 හෙට දවසේ දෙන්න යන එන්නත මොකක්

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

🅑 මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

මෙම එන්නත ලබා ගැනීම මගින්,
① covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

② ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

③ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

🅒 මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

🅓 මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

‣ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

‣ ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

‣ එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

‣ මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

🅔 කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.

උපුටාගැනීමකි.

02/12/2020
18/11/2020
01/09/2020

ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ

පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුගේ බලප‍්‍රදේශ මාරුකර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ ජේ එම් මුසම්මිල් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලූරේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ මෙම දිව්රුම් දීම් සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩසටහන

01/09/2020

ජනපති ආනවිලුන්දාව ගැන ඇමති සනත් නිශාන්තට අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගෙන් පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය වැනසීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

ආනමඩුවේ පැවති ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමන්ගේ නම නොකියා එල්ල කරන චෝදනාවන්ට උත්තරයක් දෙන්න උවමනා නැතැයි මුලින් සිතා සිටියද ජනාධිපතිතුමා මේ සම්බන්දයෙන් තමන්ගෙන් විමසූ බවත් ඔහු පැවසීය.

තමන් මෙම ක‍්‍රියාව සදහා වචනයක හෝ සම්බන්ධයක් නැති බවත් සම්බන්ධ නම් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බව ජනපතිට පැවසූ බවද ඔහු සඳහන් කළේය.

එම කටයුත්ත තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ඡන්ද දායකයකු විසින් කර ඇති කටයුත්තක් බවද මෙම කාර්යය මගින් රැම්සා තෙත් බිමට කිසිදු විනාශයක් සිදු වී නැති බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටිය.

30/08/2020

ජන්දෙ ඉල්ලන ස්වාධීන කණ්ඩායම්වල ඇප මුදල කෝටියක් කරන්න යයි
30th August 2020

ස්වාධීන කණ්ඩායමක් විසින් මැතිවරණයක් වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ සියය දක්වා ඉහළ දැමිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වේ.

එමෙන්ම යම් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් පළමුවරට ඉදිරිපත් වන මැතිවරණයේ දී ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන නොමැති නම් දෙවැනි වරට ඉදිරිපත් වන ඡන්දයේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද රුපියල් ලක්ෂ පනහක් කළ යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටුවන ලද කමිටුවේ සභාපති, ඇමැති නිමල් සිරිපාලද සිල්වා විසින් යෝජනා කර තිබේ.

ඡන්ද පදනමක් නැති ඇතැම් ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ වෙනත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත මැතිවරණවලට තරග කිරීම වැළැක්වීම සඳහා මෙසේ ඇප මුදල ඉහළ දැමිය යුතු බවට යෝජනා වී තිබේ.

2020.08.28සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර  මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපයීමේ  යෝජනා ක්‍රමයසහනදායී මෝටර් රථ...
28/08/2020

2020.08.28
සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපයීමේ යෝජනා ක්‍රමය

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්රක භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්රිලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත.

එහි සඳහන විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්ර්තිපත්ති චක්රවලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු /ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කල වෙළඳපල මිලකට මෙරට තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.

ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්රට තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාල බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.
- මුදල් අමාත්‍යාංශය

2020 විභාග පැවැත්වෙන දින සහ පාසල් නිවාඩු දිනයන්5 ශ්රේගණීය ශිෂ්යපත්ව විභාගය          2020 ඔක්තෝබර් 11 ඉරිදාඅ.පො.ස ( උ/පෙළ...
28/08/2020

2020 විභාග පැවැත්වෙන දින සහ පාසල් නිවාඩු දිනයන්

5 ශ්රේගණීය ශිෂ්යපත්ව විභාගය 2020 ඔක්තෝබර් 11 ඉරිදා

අ.පො.ස ( උ/පෙළ) විභාගය 2020 ඔක්තෝබර් 12 සිට නොවැම්බර් 06 දක්වා

2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ

අ.පො.ස ( සා/පෙළ) විභාගය 2021ජනවාරි 18 සිට ජනවාරි 27 දක්වා
මෙම කාලපරිච්ඡේදය සියලු පාසල් සඳහා විශේෂිත නිවාඩු දිනයන් වේ

අ.පො.ස සාමාන්යස පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්යනයන නිවාඩු කාලයක් හිමිවේ.

අ.පො.ස සාමාන්යි පෙළ විභාගයෙන් පසුව නැවත සියලු පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.

20/08/2020

අද ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09ක් හෝ 10ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ වතුකරයේ දෙදෙනෙක්, බස්නාහිර පළාතේ හතර දෙනෙකු, නැගෙනහිර පළාතේ දෙදෙනෙක්, උතුරු මැද පළාතේ අයෙක් වශයෙන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් ඔවුන්ට තනතුරු ලබා දීමක් සම්බන්ධයෙන් එකඟතාවයක් මේ වන තෙක් සිදුව ඇති බවද දැනගන්නට තිබේ.

20/08/2020

තවත් රාජ්‍ය ඇමති ධුර හතරක් පත් කිරීම සඳහා රජයේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඇමති ධුර නොලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සඳහා මෙම තනතුරු යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන රංජිත් සියඹලාපිටිය මහතාට නියෝජ්‍ය කථානායක ධුරය ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ නමුත් මෙම ඇමති ධුර ලැබෙනු ඇත්තේ ඉදිරියේදී සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව වීමටද බොහෝ ඉඩ ඇතැයි ආරංචි මාර්ග කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගනු ලැබුවා.ඒ අද (20) උදෑසන 9....
20/08/2020

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන නම් කර තෝරාපත් කර ගනු ලැබුවා.

ඒ අද (20) උදෑසන 9.30ට න්‍යාය පත‍්‍රානුකූලව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

20/08/2020

අද දින ශ්‍රී ලංකා ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට සහබාගී වන ගරු අනුර යාපා මැතිතුමනි ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.

1994 වසරේ සිට අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කල ඔබ මහත්මා දේශපාලනයේ නිරත වෙමින් කටුගම්පල ආසනයේ නාමය මෙන්ම රටේ නාමයද ජාත්‍යාන්තර තලයේ බැබලවූ කීර්තිමත් දේශපාලකයෙකු වන ඔබ තුමාගේ නව දේශපාලන ගමනට අපගේ උණුසුම් සුබ පැතුම්.

19/08/2020

විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්
වැඩි විස්තර:-http://ow.ly/FtGK50B1i5V

18/08/2020

රාජ්‍ය අමාත්‍ය ව්‍යුහය ඇති කිරීමට හේතු ජනපති පහදයි. Most visited website in Sri Lanka.

18/08/2020

අද සිට දිනකට පැය බැගින් විදුලි කප්පාදුවක්. Most visited website in Sri Lanka.

24/07/2020

කටුගම්පල විජයක්ග්‍රාහී ජන හමුව.
ඔබ සැමට සුහද ආරාධනා.
සවස 4ට ආරම්භ කිරීමට නියමිතව තිබූ ජන හමුව සවස 2.30ට පැවැත්වෙන බව කරුනාවෙන් සලකන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when E-gossip / කේලම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Convenience Store?

Share